සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් ඉතා වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ අසිරිමත් නවම් පුර පසලොස්වක පොහොය දිනය අදයි.
නවම්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් රැසක් සංවිධානය කර තිබෙනවා.
මේ අතර හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රී විථී සංචාරය කිරීමට නියමිතයි. එසේම සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අගසවු තනතුරු ලබන ලද්දේ නවම් පුර පසලොස්වක පොහෝ දිනයක දී බව ශාසන ඉතිහාසයේ සඳහන්.
ශාසන ඉතිහාසයේ සඳහන් වන පරිදි උන්වහන්සේට අගසව් තනතුරු පිරි නැමූ බුදුන් වහන්සේ මහා සංඝරත්නය විෂයෙහි ඔ්වාද ප්රාතිමෝක්ෂය දේශනා කර තිබෙනවා.
රජගහ නුවර වේළුවනාරාමයේ දී පැවති ප්‍රථම මහා සංඝ සන්නිපාතය නවම් පොහෝ දින තවත් වැදගත් සිදුවීමක්.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය අත්හළේත් නවම් පුර පසලොස්වක පොහෝ දිනයකදීයි.
නවම් පොහෝය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසක දාන ශිල භාවනා ආදී විවිධ පිංකම් සංවිධාන කර තිබුණා.





