මහරගම නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

මහරගම නගර සභාවේ මාසික සභා රැස්වීම, නගර සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත් වුණා.
එහිදී මහරගම නගර සභාවේ මහා සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී දිවා ආහාරය ලබා දෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජාතික ජල බලවේගයේ මන්ත්‍රීවරියක් සිදුකළ ප්‍රකාශයකට, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග සභාව උණුසුම් මුහුණුවරක් ගත්තා.

මහරගම නගර සභාවේ මහා සභා රැස්වීම් අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට ලබා දෙන දිවා ආහාරය මීට පෙර බුෆේ ක්‍රමයට ලබා දුන් අතර ජාතික ජන බලවේග රජය පත්වීමෙන් පසුව කෑම පැකට් ලබාදීමට පියවර ගෙන තිබුණා.

Share