රජපීල්ල මාවතේ පවතින නාය යෑමේ අවදානමක් හේතුවෙන් මහනුවර මහමායා බාලිකා විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමන බව ඊයේ මධ්‍යම පළාත් ආපදා කළමනාකරන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා සිටියා. මේ අතර මහනුවර රජපිහිල්ල මාවතේ ඉහල කොටසේ ස්ථාන කිහිපයක පස් කදු කඩා වැටීම් පිලිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉංජිනේරු සමන්ත බෝගහපිටිය මහතා අද දින නිරීක්ෂණයට ලක් කළා.
මෙහිදී විදුහල් භූමිය තුල එසේ නාය යෑමේ තත්ත්වයක් හා පස් කදු කඩා වැටීමේ තත්ත්වයක් නැති බවත් විදුහලට ඉහලින් මාර්ගයේ නාය යෑමක් නොව තැනින් තැන පස් කදු කඩා වැටීම් පමණක් සිදුවී ඇති බව නිරික්ෂනය වු බවයි සදහන් කළේ.
මේ අතර ආපදාවෙන් පීඩාවට පත් වූවන් හට රජයෙන් ලබා දෙන සහන මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා සිටියේ කුනාටුවේ බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මහනුවර පැවැති වැඩසටහනට සහභාගී වෙමින්.





