මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට රට තුළ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගනු ලැබුවා.
මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ විදුලි බලය, ඛනිජ තෙල්, සෞඛ්‍ය, ප්‍රවාහනය, ජල සැපයුම ඇතුළු සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

Share