ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ට දේශපාලන රැකවරණය ලැබීමට කිසිදිනෙක ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික වනවා
ජනපතිවරයා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලින් මෙරට සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින්. ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී අද පැවැත්වුණා
මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුම්වලට සම්බන්ධ වූ උතුරු පළාතේ පොලිස් නිලධාරී ඇගයීමද මෙහිදී සිදු කෙරුණා.
මේ අතර ‘තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහනේ 2026 සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ, මීසාලේ, වීරසිංහ ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී.
මෙම ව්‍යාපෘතිය යටතේ යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක් ඉදිකිරීම ඇතුළුව රට පුරා නව නිවාස 31,218 ක් ඉදිකිරීමට නියමිතයි.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන පලාලි – උතුර ඇන්තනිපුර මාර්ගයේ ශරීර සුවතා පා ගමනක නිරත වන දර්ශන පෙලක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.





