බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීමට වට්ස්ඇප් අංකයක්

බස්නාහිර පළාත තුළ අපරාධ මර්ධනය කිරීම අරමුණු කරගනිමින් තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක නව වට්ස්ඇප් දුරකථන අංකයක් පොලීසිය විසින් හඳුන්වා දී තිබෙනවා

ඒ අනුව 0777 128 128 යන දුරකථන අංකය ඔස්සේ බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබා දිය හැකි අතර තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

Share