බටුවත්ත චාමරගේ බිරිඳගේ සුපිරි නිවස තහනම් කෙරේ

කොළඹ මහාධිකරනයේ දී ඝාතනයට ලක්වූ පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයෙකු වන, මනෝජ් සුරංග හෙවත් බටුවත්තේ චාමරගේ බිරිඳට අයත් ජා ඇල වැලිගම්පිටියේ රුපියල් ලක්ෂ 400ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.
බටුවත්තේ චාමරගේ බිරිඳ මීට පෙර මෙම නිවසේ පදිංචිව සිටි අතර, අවස්ථා 3කදී එම නිවස ඉලක්ක කරගෙන වෙඩි තැබීම් ද සිදුව තිබුණා.

Share