පොලිසියට, අපරාධකරුවන් සමඟ එකට සිටිය නොහැකියි – පොලිස්පතිගෙන් මතක් කිරීමක්

අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් සමඟ පොලිස් නිලධාරින්ට එකට සිටිය නොහැකි බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඔහු අනතුරු ඇඟවූයේ එවැනි නිලධාරින්ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කරන බවයි.
“රජරට සිසිල” නමින් ඉදිකළ අනුරාධපුර පොලිස් නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා. අනුරාධපුර කණිෂ්ඨ පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය “රජරට සිසිල” නමින් ඊයේ විවෘත කෙරුණා.

Share