පොලිස් නිලධාරින් දෙදෙනකුට පහරදුන් බව කියන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට

අන්තරාදායක ලෙස ලොරි රථයක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනකුට පහරදී නිල ඇදුම ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සදහන් කළා.
සැකකරු පළාතොට පාර දෙස සිට කටුකුරුන්ද දෙසට ලොරි රථය ධාවනය කර ඇති අතර, නාගොඩ හන්දියේ මාර්ග බාධකයේදී නවතා පරීක්ෂා කිරීමේදී ඇති වූ කතාබහකින් පසුව පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු විසින් එල්ල කරන ලද පිහිතල ප්‍රහාරයකින් එක් නිලධාරියකුගේ වම් අතෙහි කැපුම් තුවාලයක් සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළා

Share