යුධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව නගර්කෝවිල් වෙරළ තීරයේ කළ මෙහෙයුමකදී, හෙරොයින් බවට සැකකෙරෙන කුඩා පැකට්ටු 24ක් සහ කේරළ ගංජා පාර්සල් 09ක් සොයා ගනු ලැබුවා.
ඊට අමතරව පේදුරුතුඩුව ඉම්බර්සිඩ්ඩි ප්රදේශයේ පාළු නිවසක වලදමා තිබූ තවත් කේරළ ගංජා කිලෝග්රෑම් 28ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත තවත් කිලෝ ග්රෑම් 12ක කේරළ ගංජා තොගයක් සොයා ගෙන තිබෙනවා.





