පෙර පාසල් සඳහාත් නව විෂය නිර්දේශයක්

පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් 2027 වසරේදී හඳුන්වා දී ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළේ, නියාමන අධිකාරියක් පිහිටුවා පෙර පාසල් අධීක්ෂනය කිරීමටත් ඉදිරියේදී පියවර ගන්නා බවයි.

අම්බලන්තොට පැවති දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

Share