පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු දස දෙනා වහාම නිදහස් කරන ලෙස මහා නා හිමියන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලයි

ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද එම ලිපියේ සඳහන්ව ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බවයි.
ත්‍රිකුණාමලය බුදු පිළිමය තැන්පත් කිරිම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පොරාවේ මන්ත්‍රීවරයෙකු හා රජයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් විසින් ගොඩනගන ලද විරෝධයක් මිස වෙන කිසිදු ජාතිකයෙකු හෝ ආගමිකයෙකු මේ වෙනුවෙන් විරෝධය ප්‍රකාශ කොට නැති බව එහි සදහන්
බුදු පිලිමය තැන්පත් කළ භික්ෂුන් වහන්සේට එම බෝධිරාජරාම විහාරස්ථානයට නිත්‍යානූකූල අයිතියක් ඇති අතර මේ වන විටත් එම ස්ථානයේ බෝධින් වහන්සේ නමක් රෝපණය කර වැදුම් පිදුම් කරනු ලබන බවද එහි සඳහන්
ඒ අනුව සුනාමි ව්‍යසනයට පෙර එහි තිබු පැරණි ගොඩනැගිල්ලක් වෙනුවට එතැනම ගොඩනැගිල්ලක් ඉදිකිරිම නව ඉදිකිරිමක් ලෙස හුවා දැක්වීම අමනෝඥ ක්‍රියාවක් බවයි උන්වහ්නසේ පෙන්වා දෙන්නේ.
එමෙන්ම අදාළ සිද්ධියේදී පොලිසිය අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති නිසාත් කිසියම් දේශපාලනික උපදේශ මත කටයුතු කිරිම නිසාත් මෙම ගැටලුව උද්ගතවූ බව සිය විශ්වාසය බවයි මහා නා හිමියන් වැඩිදුරටත් පවසන්නේ
කෙසේ වෙතත් නිතීපතිවරයාගේ උපදෙස් පවා බැහැර කොට එම පිරිස නොකළ වරදක් පිලිගන්නා ලෙසට පවසමින් පොලිසිය දැඩි මතයක සිටිම පොලිසියේ අවංක මතය යැයි කිසිසේත් පිලිගත නොහැකි බවත් මහා නා හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.
එමෙන්ම මෙම භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙසද මෙම ලිපිය හරහා උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙවැනි සාමාන්‍ය සිදුවීමක් පදනම් කරගෙන සිදුවිය නොහැකි ආකාරයේ චෝදනා ගොනු කොට, රජයේ මැදිහත්වීම ද ඇතුළුව කරන ලද මෙම ක්‍රියාව සිතා මතා ශාසනය සම්බන්ධයෙන් කරන ලද මහා අපරාධයක් බව තමාගේ විශ්වාසය බවද එම ලිපියේ දැක්වෙනවා.
ඒ අනුව භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙසද මෙම ලිපිය හරහා උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා

Share