පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු ද සමග අත්අඩංගුවට

අධිකරණ නියෝග මත රැකබලා ගැනීමට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ලබාදී තිබූ පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 24 හැවිරිදි සූපවේදියෙකු බවයි පොලිසිය පැවසුවේ.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෙම පරෙවියන් කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදෙනු ලැබුවේ.

පරෙවියන් සොරකම් කළ සිද්ධියට සූපවේදියෙකු අත්අඩංගුවට
රැකබලා ගැනීමට සත්වෝද්‍යානයට දුන් පරෙවියන් සොරකම් කරලා

Share