මෙවර ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දුර්වලතා හේතුවෙන් පාකිස්ථාන සංචිතයේ සියලුම ක්රීඩකයින්ට එරට ක්රිකට් පාලක මණ්ඩලය විසින් ඇමරිකානු ඩොලර් 18,000 ක දඩයක් නියම කර ඇති බව ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඒ පාකිස්ථාන කණ්ඩායමක් ඉතිහාසයේ පළමු වතාවට අඛණ්ඩව සිව්වැනි වරටත් ICC පිරිමි තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම හේතුවෙන්.
කෙසේ වෙතත් මෙම දඩ මුදල් නියම කර ඇත්තේ කිසිදු විනය විරෝධී ක්රියාවක් නිසා නොව, ක්රීඩකයින් තරගාවලිය පුරා දැක්වූ දුර්වල ක්රීඩා විලාසය හේතුවෙන් බවද ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවියේ වැඩි දුරටත් සඳහන්.
පාකිස්ථාන කණ්ඩායම මූලික වටයේදී ඉන්දියාව හමුවේ ලකුණු 61ක දරුණු පරාජයක් ලැබීමෙන් පසු මෙම දඩය පැනවීමට තීරණය වී ඇති අතර, කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ නම් මෙම දඩ මුදල ඉවත් කරන බව ද ක්රීඩකයින්ට දන්වා තිබෙනවා.
ක්රීඩා දක්ෂතා මත පදනම්ව මෙලෙස දඩ පැනවීම ඉතා දුර්ලභ මෙන්ම පෙර නොවූ විරූ සිදුවීමක් බවයි ක්රිකට් විචාරකයින් පවසන්නේ.
මීට පෙර අවස්ථාවක දී ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ලැබූ පරාජයෙන් පසු, පකිස්ථාන ක්රීඩකයින්ට විදෙස් ලීග සඳහා සහභාගී වීමට ලබා දෙන අවසර පත්ර (NOC) තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණා.





