මෙරට ගීත ක්ෂේත්රයට නොමැකෙන මං සටහන් තැබූ ප්රවීණ ගායන හා වාදන ශිල්පී රාජු බණ්ඩාර මහතා සිය ජීවන ගීතයට සමුදුන්නා.
මිය යන විට 65 වැනි වියේ පසු වූ ඒ මහතාගේ දේහය පිිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
සංගීතවේදියෙක් ලෙස ක්ෂේත්රයට පැමිණි රාජු බණ්ඩාර කලාකරුවා කෙටි කලකින්ම ගායකයෙකු ලෙසද රසික හදවත් ඇද බැඳ තබා ගැනීමට සමත් වුණා.
ඒ කෙටි කලක් තුළ ඔහු ගැයූ ගීත රසිකයින් අතර ඉතා ජනප්රියත්වයක් අත්කර ගැනීමත් සමගයි.
අහසේ පොළෙවේ, මං ආදරෙයි මුලු ලොවටත් වඩා, රන්සිලු නාදේ, කවුදේ මගෙ ලොවේ, රෝස මල් කුමාරි මෙන්ම හද ගී පොතේ වැනි ගීත රැසක් එදා මෙන්ම අදද රසික හදවත් තදින් ස්පර්ශ කර හමාරයි.
රෝගාතුරව රෝහල්ගතව ප්රතිකාර ලැබූ ඒ මහතා රාගම පහලවත්ත පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ පස්වරුවේදී ජීවිතයෙන් සමුගත්තා.
මිය යන විට 65 වැනි වියේ පසු වූ ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන එනු ලැබුවා.
එතැන් සිට ඒ මහතාට ආදරය කරන කලාකරුවන් රසිකයින් මිතුරන් ඇතුළු පිරිසක් ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවට පැමිණෙමින් සිටිනවා.
අභාවප්රාප්ත රාජු බණ්ඩාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
රාජු බණ්ඩාර මහතා මෙරට සිටින ප්රවීණ ලීඩ් ගිටාර් වාදකයෙකු වන මහින්ද බණ්ඩාර මහතාගේ බාල සොයුරෙක්.





