තම දරුවන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළත් කර ගන්නා ලෙසට 2026 – 6 ශ්‍රේණිය දූ දරුවන්ගේ දෙමාපිය එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරනවා. බත්තර – පොල්දූව මංසන්ධියේ අද දහවල් පැවති විරෝධතාවයකට එක්වෙමින් ඔවුන් ඉල්ලා සිටියේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ ක්‍රියාත්මක කරන ලෙසයි.මේ අතර, හය ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැඳවා තිබුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් 2026 – 6 ශ්‍රේණිය දූ දරුවන්ගේ දෙමාපිය එකමුතුව අද දහවල් බත්තර – පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක නිරත වුණා.
මේ අතර, හය ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැඳවා තිබුණා.
මතභේදයට තුඩු දුන් මොඩියුල ගැටලුව පළමුව මාධ්‍ය හමුවේ හෙළි කළේ උන්වහන්සේයි. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා. මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති සහ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පල කළා.





