ප්‍රංශ නීති සම්පාදකයින් වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම අනුමත කරයි

ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව (National Assembly) විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරිපත් වූ මෙම පනතට පක්ෂව ඡන්ද 116ක් සහ විපක්ෂව ඡන්ද 23ක් හිමි වුණා.
ළමුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය සහ සයිබර් හිරිහැර (Cyberbullying) වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

Share