ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් අගමැති මෝදිට ප්‍රංශයේ පැවැත්වෙන 52 වන G7 සමුළුවට ආරාධනා කරයි

මෙම වසරේදී ප්‍රංශයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන 52 වන G7 සමුළුවට සහභාගී වන ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිල වශයෙන් ආරාධනා කර තිබෙනවා.
ඉන්දියාවේ දින තුනක සංචාරයක යෙදී සිටින මැක්‍රොන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමග පැවැති ද්විපාර්ශවික හමුවේදී මෙම ආරාධනය සිදු කර ඇත්තේ.
එහිදී ඔහු ඉල්ලීමක් කර ඇත්තේ G7 සමුළුවට පෙර ජාත්‍යන්තර න්‍යාය පත්‍රය පිළිබඳ එකඟතාවයකට පැමිණීම සඳහා ඉන්දියාව සහ ප්‍රංශය අතර තාවකාලික රැස්වීමක් සංවිධාන කරන ලෙසයි.
මේ අතර, ප්‍රංශය සහ ඉන්දියාව රෆේල් ප්‍රහාරක ජෙට් යානා මෙන්ම හෙලිකොප්ටර් ද ඒකාබද්ධව නිෂ්පාදනය කිරීමේ සැලසුම් සමඟ ආරක්ෂක සහයෝගීතාවයේ නව යුගයකට පිවිසෙමින් සිටින බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.
ඉන්දියාව විසින් තවත් රෆේල් ප්‍රහාරක ජෙට් යානා 114 ක් සඳහා අපේක්ෂිත ඇණවුම දෙරට අතර ආරක්ෂක සබඳතාවල “නව ඉදිරි පියවරක්” වන අතර සබ්මැරීන සමඟ ද මෙය ප්‍රතිනිර්මාණය කරනු දැකීමට ප්‍රංශය බලාපොරොත්තු වන බවයි මැක්‍රොන් ඉන්දියාවේ තෙදින සංචාරයක් අවසානයේ වාර්තාකරුවන් ඉදිරියේ සඳහන් කළේ.

Share