ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉන්දීයාවේ සංචාරයක ලබන මාසයේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉන්දීයාවේ සංචාරයක් සඳහා ලබන මාසයේ පැමිණෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
ලබන මාසයේ නවදිල්ලියේ පැවැත්වීමට නියමිත AI සමුළුවකට සමගාමීව මෙම සංචාරය සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එය ගෝලීය දකුණේ සත්කාරකත්වය දරන පළමු ගෝලීය AI සමුළුව වනු ඇති.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද ප්‍රංශයේ සංචාරයක නිරතව සිටි අවස්ථාවේ ඔහු ප්‍රංශ විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ ඉන්දියාව ඉක්මනින් ජනාධිපති මැක්‍රොන්ගේ පැමිණීම අපේක්ෂා කරන බවයි.

Share