පළමු t20 තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජය කළ සංචාරක පාකිස්තාන කණ්ඩායම තරග තුනකින් සමන්විත තරගාවලිය 1 – 0 ක් ලෙස පෙරමුණ ගත්තා.
රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්රීඩාංගණයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායකයා පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.
ශ්රී ලංකා ඉනිම පුරාවටම පිතිකරුවන්ට පුලුල් ලෙස දක්ෂතා අතරට පැමිණිමට හැකි වූයේ නැහැ.
ඉනිමේ පන්දුවාර හතක් අවසානයේ ලකුණු 34කට කඩුලු හතරක් දැවී තිබුණා.
පන්දුවාර 18ක් අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 127ක් ලබා සිටියද අවසන් කඩුලු තුන පන්දු 8ක් තුළ දැවී යද්දී ලකුණු පුවරුවට එකතු වුණේ තවත් එක් ලකුණක් පමණයි.
ජනිත් ලියනගේ ලබා ගත් ලකුනු 40ට අමතරව අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කළ නොහැකි වුණා.
සල්මන් මිස්රා සහ අබ්රාර් අහමඩ් කඩුලු තුන බැගින් දවා ගනිද්දී ෂඩාබ් ඛාන් සහ මොහොමඩ් වසීම් කඩුලු දෙක බැගින් දවා ගත්තා.
ලකුණු 129ක පහසු ඉලක්කය 17වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී සපුරා ගන්නට පාකිස්තානය සමත් වුණා.
ජයග්රහණයට මනා අඩිතාලමක් දැමූ ආරම්භක පිතිකරු ෂහිබ්ස(z)ඩා ෆර්හාන් ලකුණු 51ක් රැස් කළා.
දෙරට අතර දෙවැනි T20 තරගය හෙට දඹුල්ලේදී පැවැත්වෙනවා.





