පකිස්ථාන කර්මාන්ත ශාලාවක බොයිලේරු පිපිරීමකින් සේවකයින් 15 දෙනෙකු මිය යයි

පකිස්ථානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරුවක් පුපුරා යාමෙන් අවම වශයෙන් සේවකයින් 15 දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එහි කළමනාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කළා.
පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට මෙන්ම අසල නිවාසවලට ද දැඩි ලෙස හානි සිදු ව තිබෙනවා.

Share