සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්ථාන කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මෙරටදී විස්සයි විස්ස තරග 6ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 4ක් පාකිස්ථානය ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.
මෙම තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී.
දෙරට අතර පැවැත්වෙන පළමු තරගය හෙට රාත්‍රී 7ට ආරම්භ වනවා.





