උත්සන්න වන මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ, මෙරට තුළ මතුවිය හැකි බලශක්ති අර්බුදය කලමනාකරණය කරගැනීමේ අරමුණෙන් අද සිට සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක අතර පොදු ප්‍රවාහන සේවා විශේෂ කාලසටහනක් යටතේ ක්‍රියාත්මකයි.
මේ අතර ඉන්ධන නිකුත් කිරීමේ කෝටාව සම්බන්ධයෙන් අදත් පාර්ශව රැසක් සිය අප්‍රසාදය පලකළා.
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද සිට සෑම සතියකම බදදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
මෙම නිවාඩුව පාසල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ ක්ෂේත්රවලට ද අදාළ වනවා.
රජයේ නිවාඩු දිනයක් වන අද, සෙනසුරාදා දිනයට ධාවනය කෙරෙන දුම්රිය පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 29 ක්, උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 17 හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 33 ක් ධාවනය කිරිමට නියමිතයි.
කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 5 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 9 ක් මඩකලපුව හා ත්‍රිකුණාමල මාර්ගයේ ගමන් වාර 6 ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර දිවයිනපුරාම නියමිත පරිදි බස්රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ බස්රථ ධාවනය සඳහා යොදා ඇති කාලසටහන ඇතැම් වේලාවන් සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් බොහෝ පෞද්ගලික ආයතන නිවාඩුව ලබා දී තිබුණේ නැහැ.
මේ අතර ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් පෝලිම් දක්නට ලැබෙනවා.
මෙලෙස පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ද අඛණ්ඩව සිදුවන පසුබිමකයි.
මේ අතර ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැතැයි විවිධ පාර්ශ්ව තවදුරටත් මැසිවිලි නඟනවා





