නිලාවැලි මුහුදු තීරයේ දී ගසා ගෙන ගිය පුද්ගලයින් හත්දෙනෙකු නිරපද්‍රිතව මුදා ගැනේ

ත්‍රිකුණාමලය නිලාවැලි මුහුදු තීරයේ දී දියවැලකට හසුව ගසා ගෙන ගිය පුද්ගලයින් හත්දෙනෙකු නිරපද්‍රිතව මුදා ගෙන තිබෙනවා.
එම පිරිස මුදා ගැනුණේ ත්‍රිකුණාමලය ඇලස්වත්ත පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සහ නාවික හමුදා නිලධාරීන් විසින්. කෑගල්ල ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් පැමිණි 30 දෙනෙකුගෙන් යුතු පිරිසක් නිලාවැලි මුහුදු තීරයේ දිය නෑමට පැමිණ තිබුණේ ඊයේ පස්වරුවේ.
එහිදී 7 දෙනෙක් දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
කණ්ඩායමේ සෙසු සගයින්ගේ දැනුවත් කිරීම මත වහා ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමලය ඇලස්වත්ත පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සහ නාවික හමුදා නිලධාරීන් දියේ ගසා ගෙන යමින් සිටි පිරිස මුදා ගත්තා.‍

ඒ අතුරින් දෙදෙනෙක් නිලාවැලි ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර මේ වන විට ඔවුන් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
දියවැලට හසුව ගසාගෙන ගොස් තිබුනේ වයස අවුරුදු 11ත් 13ත් අතර පසුවන දරුවන් පස් දෙනෙක්, කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක්.

Share