කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වැනි “නිල් මහා සටන” SSC ක්‍රීඩාංගණයේ දී අද උදෑසන අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුණා.
නිල් මහ සටන මෙරට පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරගයයි.
මෙවර රාජකීය විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ රෙහාන් පිරීස් විසින් වන අතර, සාන්ත තෝමස් කණ්ඩායම අවිනාශ් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.





