නැදුන්ගමුවේ රාජා හස්තියාගේ අනුරුව හෙට සිට මහජන ප්‍රදර්ශනයට

වසර 12ක කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ, දළදා කරඩුව වැඩම කරවූ නැදුන් ගමුවේ රාජා හස්තියා, ජාතික කෞතුක භාණ්ඩයක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කොට අද පෙරවරුවේ විවෘත කෙරුනා.
ඒ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව වසර 500ක් පවතින ලෙසට සංරක්ෂනය කර ඇති නැදුන් ගමුවේ රාජා හස්තියාගේ අනුරුව හෙට සිට, කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරෙනු ඇති.

Share