නාමල් රාජපක්ෂ මහතා කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය, අමතා කිරීමට සැලසුම් කර තිබුූ දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය, අමතා කිරීමට සැලසුම් කර තිබුූ දේශනය අවලංගු කර තිබෙනවා.
එක්සත් රාජධානියේ දෙමළ ඩයස්පෝරාවෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් මෙම දේශනය අවලංගු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රාජපක්ෂ මහතා පෙබරවාරි මස අවසාන සතියේ එක්සත් රාජධානියට සැලසුම් කර ඇති සංචාරයේදී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය සහ කේම්බ්‍රිජ් ශිෂය සංගමය ඇමතීමට ආරාධනා ලැබ තිබුණා.
මේ බව සැලවීමත් සමගම එක්සත් රාජධානිය පුරා විසිරී සිටින දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කර ඇති ආරාධනය සම්බන්ධයෙන් දැඩි විරෝධතා පළ කළා.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍යයේ දෙමළ තරුණ සංවිධානය ඉල්ලා තිබුණේ, නාමල් රාජපක්ෂ මහතාට ලබා දී දේශන අවස්ථාව වහාම අවලංගු කරන ලෙසයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් දෙමළ ජනතාවගෙන් ශිෂ්‍ය සංගමය සමාව අයැද සිටිය යුතු බව ද, නාමල් රාජපක්ෂට සත්කාරකත්වය සැපයීම, අපගේ මව්බිමේ සහ ඩයස්පෝරාව පුරා වෙසෙන දෙමළ ජනතාවට ගැඹුරු අසංවේදී සැලකීමක් සහ බරපතල අපහාසයක් බව ද එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍යයේ දෙමළ තරුණ සංවිධානය සඳහන් කර තිබුණා.
දිගින් දිගටම එල්ල වූ විරෝධතා සහ වැඩිවන පීඩනය මධ්‍යයේ, සංවිධායකයින් විසින් කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමයේ දේශනය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
ප්‍රකාශයක් නිකුත් කරමින් කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය ද සඳහන් කර තිබුණේ හදිසි සහ බැරෑරුම් සාකච්ඡාවලින් පසුව දේශනය අවලංගු කිරීමට තීරණය කළ බවයි.
වර්තමානයේ පවතින තත්ත්වය අනුව මෙම විෂය පිළිබඳව සමබර හා විවෘත සාකච්ඡාවක් පැවැත්විය හැකි බවට තමන් විශ්වාස නොකරන බව දේශනය අවලංගු කරමින් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය පෙබරවාරි 25 වැනිදාට සංවිධානය කර ඇති නාමල් රාජපක්ෂ මහතාගේ දේශනය මෙතෙක් අවලංගු කර ඇති බවක් සඳහන් කර නැහැ.
කෙසේ නමුත් මීට පෙර 2010 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට ආරාධනා කර තිබීයදී මීට සමාන විරෝධතා එල්ල වීමෙන් පසු එම දේශනය අවලංගු කිරීමට එවක ශිෂ්‍ය සංගමය පියවර ගත්තා.

Share