පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව තේරිම් කාරක සභාව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පුරප්පාඩුව සඳහා නම් කළ බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මේ අතර රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
විවාදය ආරම්භයේ දී ම සභාව උණුසුම් වූයේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වීමත් සමගයි.





