නාගොඩදී පළාත් පාලන අපේක්ෂකයෙකු ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට අදාළව සිව් දෙනෙක් අත්අඩංගුවට

පසුගිය පළාත් පාලන මැතිවරණයට කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග කළ බන්දුල ප්‍රසන්න නැමැත්තා නාගොඩ ප්‍රදේශයේදී ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් කළුතර දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් සැකකරුවෙකුට පසුගිය වසරේ ජනවාරි 31 වැනිදා නාගොඩ රෝහල තුළදී බන්ධනාගාර රැඳවියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ දෙහිවල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු පසුගිය ජනවාරි 9 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය පැවසුවා.

වෙඩි තැබීමේ සිද්ධි තුනකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුව

Share