නවසීලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථා දැනුවත් කිරීමේ වැඩසටහනක්

නවසීලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් Lead Pro New Zealand Education Consultants ආයතනය සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වුණා
ශ්‍රී ලංකාවේ සිසුන්ට නවසීලන්තයේ පවතින උසස් අධ්‍යාපන අවස්ථා, වීසා බලපත්‍ර ලබා ගැනීමේ නිවැරදි ක්‍රමවේද සහ එරට ජීවන රටාව පිළිබඳව සත්‍ය සහ විශ්වාසනීය තොරතුරු ලබාදීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණයි
නවසීලන්න අධ්‍යාපන උපදේශන ක්ෂේත්‍රයේ වසර ගණනාවක විශ්වාසනීය අත්දැකීම් සහිත LeadPro ආයතනය, සිසුන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.

Share