දකුණු කොරියාවට පනවා ඇති තීරු බදු 25% දක්වා ඉහළ නැංවිමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. දැනට පනවා ඇති බද්ද 15%ක්.
දකුණු කොරියාව පසුගිය වසරේ වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් සෝල් ව්‍යවස්ථාදායකයට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙසේ බදු ඉහළ දමා ඇති බව සඳහන්.
කෙසේවෙතත් මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් සිදු කර නොමැති බව පැවසූ දකුණු කොරියාව, ඒ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ කඩිනම් සාකච්ඡා පැවැත්වීම අපේක්ෂා කරන බව නිවේදනය කර තිබෙනවා.





