දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන මි.මී. 50 ට වැඩි තරමක තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ.
මේ අතර දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ රැසක ජනතාව විනාශයට පත් ප්‍රදේශවල පාලම් හා මාර්ග හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගය 7කණුව ප්‍රදේශයෙන් බදුලු ඔය හරහා ගමන් කිරීමට තිබූ සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කිබුලත්තාවල පාලම කැඩීයාමෙන් ගම්මාන රැසක ජනතාව මහත් දුෂ්කරතාවක ට පත්ව සිටිනවා
පැවති ආපදා තත්වයත් සමගින් බදුලු ඔයේ සැඩ පහරට හසුව මෙම පාලම කැඩීගොස් ඇත්තේ පසුගිය පසුගිය 27වන වෙනිදායි
කෙසේ වෙතත් මෙතෙක් මෙම කැඩී ගිය පාලම සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ ඇස නොගැටීම නිසා ජනතාවට සිදුව ඇත්තේ අවදානම මැද ටියුබයක් ලෑලි දෙකකින් ගැට ගසාගත් තාවකාලික පාරුවක් මගින් එගොඩ මෙගොඩ යෑමටයි.
ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉතා අනතුරුදායක ලෙස තම ගමන් පහසුව සලසා ගන්නා ජනතාවගේ ගැටලුව පිළිබඳව සොයා බලා ඉක්මනින් පාලම යළි ඉදිකර දෙන ලෙසයි.
මේ අතර ගම්පොල කීරපනා අපගස්පිටියේ ප්‍රදේශයේ ඇති වූ විශාල නායයාමකින් නිවාස කිහිපයකට දැඩි හානි සිදුව තිබුණා.
ඇතැම් නිවාස තිබූ ස්ථානයක් පවා සොයා ගත නොහැකි තරමට පස් කන්දට යටවී ඇති ආකාරය නායයාමේ බරපතළ කම කියා පානවා
මේ හේතුවෙන් එහි සිටි ඇතැම් පදිංචිකරුවන් ට සිදුව ඇත්තේ ඥාති නිවාසවලට වී සිය ජීවිතය ගත කිරීමටයි.
මේ අතර දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශ රැසක ජනතාවද දැඩි විපතට පත් වුණා.
එසේම වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෲක්සයිඩ්වත්ත පහළ කොටසේ ඇති වූ නායයාමේ අවදානම හේතුවෙන් එහි සිටි පවුල් 62ක ජනතාවට සිදුව ඇත්තේ ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටීමටයි.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම අනාගතය පිළිබඳ නිශ්චිත තීරණයක් හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි
ඊට අමතරව මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.





