දින 17ක චාරිකාවෙන් පසු INSV කෞන්ඩින්‍යා නෞකාව ඕමානයට ළඟා වේ

ඉන්දීය නාවික හමුදාවේ අතින් නිර්මාණය කළ දැවමය රුවල් යාත්‍රාව වන INSV කෞන්ඩින්‍යා, දින 17ක මුහුදු ගමනකින් පසු ඕමානයට ළඟා වුණා.

නෞකාව දෙසැම්බර් 29 වැනිදා ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ පෝර්බන්ඩර් සිට යාත්‍රා කිරීම ආරම්භ කර මස්කට් වෙත ළඟා වූ අතර, සහස්‍ර ගණනාවක් තිස්සේ ඉන්දියාව සෙසු ලෝකය සමඟ සම්බන්ධ කළ පුරාණ සමුද්‍ර මාර්ගය නැවත සොයා නිර්මාණය කරනු ලැබුවා.

අග්නිදිග ආසියාවට සාගරය හරහා යාත්‍රා කළ ප්‍රබන්ධ ඉන්දියානු නාවිකයෙකුගේ නමින් නම් කරන ලද මෙම නෞකාව සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම භාවිතා කරමින් ඉදිකරන ලද්දක්.

මෙහි දැවමය කොටස් පොල් කෙඳි වලින් සාදන ලද කොහු ලණුවකින් එකට මසා ස්වාභාවික දුම්මලවලින් මුද්‍රා තබා තිබෙනවා.

නෞකාවට එන්ජිමක් නොමැති අතර හතරැස් රුවල් මගින් ගමන් කරනවා.

INSV කෞන්ඩින්‍යා ඇණ හෝ ලෝහ සවි කිරීම් නොමැතිව ඉදිකර තිබීමත් විශේෂත්වයක්.

එහි සැලසුම බටහිර ඉන්දියාවේ අජන්තා ගුහාවල සිතුවමක නිරූපණය කර ඇති 5 වන සියවසේ යාත්‍රාවකින් ආභාෂය ලබා ඇති අතර එම සිතුවම් මුල් ඉන්දියානු මුහුදු ගමන් පිළිබඳ දෘශ්‍ය වාර්තා කිහිපයෙන් එකක් ලෙස සැලකෙනවා.

Share