දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ජල ගැලීම් නිසා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසක් ජල ගැලීමට ලක් වුණා
දිට්වා අවසන්ව දින 65කට අධික කාලයක් ගත වී තිබුණ ද තවමත් ප්‍රදේශයේ බොහෝ ස්ථානවල ජලය බැස ගොස් නැහැ
විල්ලු 7කින් සැදුම්ලත් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මෙම ජල ගැල්මෙන් සිංහනාග විල්ලුවට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙනවා.
තම ඉඩම් හා නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා බලධාරින්ගේ අවධානය යොමුවුණේ ජනමාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ අනාවරණ කිරීමෙන් පසුවයි.
ගැටලුවට විසඳුම් සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දවස පුරා වනාතවිල්ලුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
නිරීක්ෂණ කණ්ඩායම් වැඩිම බලපෑමක් එල්ල වී ඇති සිංහනාග විල්ලුව මෙන්ම, ජූල් විල්ලුව, ස්වර්ණමාලි විල්ලුව ඇතුළු විල්ලු පරීක්ෂාවට ලක් කළා.
ජනමාධ්‍ය හමුවේ ඔවුන් සඳහන් කළේ ජලය බැස නොයාමේ ගැටලුව සම්බන්ධයෙන් තාවකාලික විසඳුම් මෙන්ම දිගුකාලීන විසඳුම් කෙරෙහි ද තම කණ්ඩායමේ අවධානය යොමු වූ බවයි.
නිලන්ත ධනපාල – මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලය
ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු කුමාර තල්ගස්වත්ත – සම්බන්ධීකරණ නිලධාරි – ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව





