දැදුරු ඔයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය පිරිසෙන් 5 දෙනෙකු ජීතක්ෂයට පත්ව තිබෙනවා.

දැදුරු ඔයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය පිරිසෙන් 5 දෙනෙකු ජීතක්ෂයට පත්ව තිබෙනවා.
අතුරුදන්ව සිටි සිව්දෙනාගේ සිරුරු පැය එකමාරක පමණ මෙහෙයුමකින් පසු ඊයේ රාත්‍රී සොයා ගැණුනා.
එමෙන්ම රෝහල්ගත කර සිටි තවත් අයෙකුද පසුව ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
විනෝද චාරිකාවක් සඳහා පැමිණි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ පස්වරු 5.00ට පමණ දැදුරු ඔයේ පාලම අසල දියනාමින් සිට තිබුණා.
ඉන් පුද්ගලයින් 8 දෙනෙකු දිය වැළකට හසුව ගසාගෙන ගොස් තිබු අතර වහාම ක්‍රියාත්මක වු ප්‍රදේශවාසින් විසින් සිව්දෙනෙකු බේරාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
කෙසේ නමුත් දියේ ගසාගෙන ගිය තවත් සිව්දෙනෙකු සොයා හලාවත පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ පස්වරුවේ මෙහෙයුමක් ආරම්භ කළා.
ඔවුන් සොයා ගැනීමට හැකිව තිබුණේ පැය එකහමාරකට පමණ පසුවයි.
ඒ වන විටත් ඔවුන් ජීවතක්ෂයට පත්ව සිටියා.
මේ අතර රෝහල්ගත කිරීමේදී බරපතල තත්තවයේ පසු වූ තවත් අයෙකු ද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබුණේ වයස අවුරුදු 12,16,19 සහ 27 යන වස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස් සහ මාකොළ පුදේශවල පදිංචිකරුවන් පිරිසක්.
ඔවුන් හලාවත මුන්නේෂ්වරම් කෝවිල වන්දනා කිරීමෙන් පසු දැදුරු ඔයේ දිය නෑමට පැමිණ ඇතැයි සඳහන්.
මෙම ස්ථානයේ දිය නෑම අනතුරුදායක බවට වූ පුවරුද සවි කර ඇති නමුත් එම අවවාද නොතකා විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් මෙම ස්ථානයෙන් දැදුරු ඔයට බසින බව ප්‍රදේශවාසීන් පවසනවා.
ජිවිතක්ෂයට පත් වූවන්ගේ සිරුරු හලාවත මහ රෝහලේ තැන්පත් කර තිබූ අතර පශ්චාත් මරණ පරික්ෂණය අද පෙරවරුවේ සිදු කිරීමෙන් පසු ඥාතීන් වෙත භාර දුන්නා.

Share