දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව තවත්.සැකකරුවන් හය දෙනෙක් මිරිස්සේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 20 වැනිදා දකුණු මුහුදු තීරයේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙරට බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඊයේ දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා.
එහි දී කළ පරික්ෂාවේදී බෝට්ටුවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172ක් සොයාගත්තා.
යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉරානයට අයත් නෞකාවකින් අදාළ ධීවර යාත්‍රාවට ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළා.
විමර්ශනයේදී ලද තොරතුරු මත තවත් සැකකරුවන් හයදෙනෙකු මිරිස්ස ධීවර වරායේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සඳහා සහාය පල කර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බව පොලිසිය පැවසුවා. මේ අතර මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු සහ බහුදින ධීවර යාත්‍රා 99ක් පමණ මේ වසරේ ගත වූ කාලය තුළ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 360ක්.
නාවික හමුදා භාරයට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 4,000කට අධික බණ නාවික හමුදාව පැවසුවා.





