දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්ර මහතා රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 62 වියේ පසුවුණා.
අද දිනයේ කොළඹ පුද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිත බන්දුල හරිස්චන්ද්ර මහතාගේ දේහය හෙට දිනයේ ගාල්ල, ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළා.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්ර අභාවප්රාප්ත වෙයි
කොළඹ පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන හරිස්චන්ද්ර මහතාගේ දේහය හෙට ආණ්ඩුකාර නිල නිවසට





