දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ වෙඩි තැබීමක්

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ රන් කැණීම් සිදුකෙරෙන ප්‍රදේශයක මත්පැන් අලෙවිසැලක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෝටර් රථ දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් 12දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම කළ බව සඳහන්.
කෙසේ වෙතත්, මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share