“තාරකා ” ඉබ්බන් 25 දෙනෙකු, නීතිවිරෝධීව මැලේසියාවට රැගෙන යාමට තැත් කිරීමේ දී කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.




