දින දෙකක් තුළ සිදු වූ මාරාන්තික දොඹකර අනතුරු වලින් පසු, තායිලන්තයේ මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාත්තු 14 ක ඉදිකිරීම් දින 15 කට නතර කිරීමට තායිලන්ත ප්‍රවාහන අමාත්‍යාංශය නියෝග කර තිබෙනවා.
මගීන් 32 දෙනෙකුට මරු කැඳවමින් දුම්රියක් මතට දොඹකරයක් වැටීම සහ බැංකොක් අසල වාහන පේලියක් මතට දොඹකරයක් වැටීමෙන් රියදුරන් දෙදෙනෙකු මිය යාම යන සිද්ධි දෙක මත පදනම්වයිව්මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම සිදුවීම් දෙකම ඉතාලි-තායි සංවර්ධන සමාගමේ ව්‍යාපෘති සඳහා භාවිතා කරන ලද දොඹකර වන අතර ඒවා කඩා වැටීම නිසා බලපෑමට ලක් වූ අයට වන්දි ගෙවන බවට සමාගම පවසා තිබෙනවා.





