තලවකැලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්රමානවත් භෞතික සම්පත් නොමැති බව පවසමින් එම කාර්යාලයේ සේවකයින් ඊයේ සහ පෙරේදා දිනවල දහවල් දක්වා සේවා කටයුතුවලින් ඉවත්ව තිබෙනවා
මේ හේතුවෙන් අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා තොරතුරු යාවත්කාලින කර ගැනීමට පැමිණ සිටි ප්රතිලාභීන් ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා
අනතුරුව නුවරඑලිය දිස්ත්රික් ලේකම්වරිය, සේවකයින් සමඟ සාකච්ඡා කිරිමෙන් පසු පැමිණි එකඟතාවයෙන් අනතුරුව වැඩ වර්ජනය අවසන් කිරිමට සේවකයින් එකග වී තිබෙනවා





