තඹරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයකින් මත්පැන් පානය කළ පුද්ගලයින් 05කු මියයයි

වෙන්නප්පුව තඹරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයකින් මත්පැන් පානය කළ පුද්ගලයින් පස් දෙනෙකු මිය‍ගොස් තිබෙනවා.
මත්පැන් පානය කළ තවත් පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට බරපතළ තත්ත්වයෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.
මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර අලෙවි කළ බව කියන කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share