මේ වසරේ ගත වූ පළමු දින 8 තුළදී පමනක් ඩෙංගු රෝගින් 2170 දෙනෙකු වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනන වර්ධනයක් බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් මේ වනවිටත් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනවා.
මේ අතර වසර 17 ක පර්යේෂණයකින් පසු ඉන්දියාවේ ප්‍රථම දේශීය ඩෙංගිඕල් dengiall ඩෙංගු එන්නත අවසන් අදියරේ පවතින බවයි වාර්තා වන්නේ.
මේ වසරේ ගත වූ පළමු දින 8 තුළදී මෙරට ප්‍රදේශ ගනනාවකින් ඩෙංගු රෝගින් 2170 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එය පසුගිය වසරේ මේ කාලය හා සසඳීමේ දී වාර්තාගත ලෙස ඉහල යාමක් බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.
2025 වසරේ ජනවාරි මාසය තුළදී මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4931ක්.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ වසරේ මුල් කාලය තුළදී සාමාන්‍යයෙන් ඩෙංගු රෝගී තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබුණද පසුගිය නොවැම්බර් අගභාගයේ දී දිවයිනට බලපෑ දිට්වා සුළි කුනාටු තත්ත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව නිසා රෝගයේ යම් කිසි වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ද පසුගිය දෙසැම්බර් මාසයේ සිට ඩෙංගු මර්දන ජාතික වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් “නිකසල පුරයක් – සුවබර දිවියක්” නමින් පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහනක් පසුගිය 7 වැනිදා ආරම්භ කෙරුණා
මේ යටතේ පාසල්, පෙර පාසල්, පිරිවෙන්, උසස් අධ්‍යාපන පරිශ්‍ර හා පෞද්ගලික අධ්‍යාපන ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්රයන්ට සම්බන්ධ ස්ථාන රැසක් පිරිසිදු කිරීම සිදුකෙරුණා
මේ අතර, ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් මෙන්ම වැඩමුළු, කුඩා දරුවන් විසින් සිදුකරන පාගමන් උද්ඝෝෂණ, වීදි නාට්‍ය, චිත්‍ර තරග වැනි දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබුණා
මේ අතර, 17ත් වසරක පර්යේෂණයකින් පසු ඉන්දියාවේ ප්‍රථම දේශීය ඩෙන්ගිඕල් dengiall ඩෙංගු එන්නතේ අවසන් අදියර කරා පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ගෝලීය සෞඛ්‍ය අංශ වලද වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.
ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ සහය ඇතිව දිල්ලි පදනම් කර ගත් පැනසියා බයෝටෙක් (Panacea Biotec) ආයතනය විසින් නිපදවන ලද මෙම එන්නතේ තෙවන අදියරේ මානව අත්හදා බැලීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ලෙස ඉන්දියාවේ ස්ථාන 19 ක මෙලෙස අත්හදා බැලෙනවා.
මෙම එන්නත ඩෙංගු උණ ප්‍රභේද හතරෙන්ම රෝගීන් ආරක්ෂා කරන තනිමාත්රාවක් සහිත ඖෂධයක් බවයි පැවෙසන්නේ.
“ඩෙන්ගිඕල් වසර 15 කට වැඩි කාලයක් තිස්සේ නිර්මාණය වෙමින් පවතින අතර, එය පැමිණෙන්නේ ලෝක ජනගහනයෙන් අඩක් ඩෙංගු අවදානමට ලක්ව ඇති අවස්ථාවකයි





