ට්‍රම්ප්ගෙන් ස්පාඤ්ඤයට පූර්ණ සම්බාධක

මැදපෙරදිග අර්බුදය මැද ස්පාඤ්ඤයට එරෙහිව පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බවට අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට අදාළ මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදාවට එරට කඳවුරු භාවිත කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුවයි.
මේ අතර මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුර වන කටාර් හි අල් උදෙයි වෙත ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඉරානය සමග ඇමෙරිකා ඊශ්‍රායල යුද්ධය අද වන විට පස්වැනි දිනටත් දිග් ගැස්සෙමින් තිබෙනවා.
ඇමෙරිකාව පවසන්නේ ඉරානයේ ඉලක්ක 1700කට වැඩි ගණනකට ප්‍රහාර එල්ල කල බවයි.
ඊශ්‍රායලය ද ඉරනායේ ඉලක්ක ගණනාවකට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
හමුදා මර්මස්ථාන, රජයේ ගොඩනැගිලි, මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන, වරායන්, නෞකා සහ ගුවන් යානා ප්‍රහාරවල ඉලක්ක වී තිබුණා.
එමෙන්ම ඉරාන උත්තරීතර කවුන්සිලයේ ලේකම් කාර්යාල සංකීර්ණය ද නවතම ප්‍රහාරවලදී ඉලක්ක කෙරුණු බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය පැවසුවා.
කෙසේ වෙතත් ඉරනා මාධ්‍ය වාර්තා කළේ එම කාර්යාල සංකීර්ණය මේ වන විට භාවිතයෙන් අතහැර දැමූවක් බැවින් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි කිසිවෙකුත් නොසිටි බවයි.
මේ අතර පසුගිය සෙනසුරාදා ආරම්භ වූ ප්‍රහාර හේතුවෙන් ඉරනායේ මිය ගිය සිවිල් වැසියන් ගණන 1,097 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.
ඒ අතර අවුරුදු 10 ට අඩු ළමුන් 181 දෙනෙක් සිටින බවද අදාළ වාර්තාවේ සඳහන්.
තුවාල ලැබූ පිරිස 5000කට අධිකයි.

මේ අතර ධවල මන්දිරයේ දී ජර්මානු චාන්සලර් ෆෙඩ්‍රක් මාර්ස් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ ඉරානයේ සියල්ල විනාශ කර ඇති බවයි.
ඉරානයට ගුවන් හමුදාව, නාවික හමුදාව සහ ගුවන් ආරක්ෂණ පද්ධතිය මේ වන විට අහිමි වී ඇතැයි ට්‍රම්ප් පැවසුවා. මේ අතර බේරුට් හි හිස්බුල්ලා ඉලක්ක වෙත ද ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන් ජීවිත හානි සිදු නොවූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.

මේ අතර ඉරාන රජයට එරෙහි කුර්දි කණ්ඩායම්වල කඳවුරු වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුවෙමින් පවතීන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ස්පාඤ්ඤයට එරෙහිව පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනත්මක ප්‍රකාශයක් සිදු තර තිබෙනවා.
ඊට හේතු වි ඇත්තේ ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට අදාළ මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදාවට එරට කඳවුරු භාවිත කිරීමට ඉඩ දීම ස්පාඤ්ඤය ප්‍රතික්ෂේප කිරීමයි.
ස්පාඤ්ඤය සමග පවතින “සියලුම ගනුදෙනු නතර කරන ලෙස” තමා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට්ට දැනුම් දුන් බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා.

Share