අද උදෑසන ඉන්දුනීසියාවේ ටර්නේට් නගරයේ වෙරළට ඔබ්බෙන් උතුරු මොලුකා මුහුදේ රික්ටර් ඒකක 7.4 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබුණා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූමිකම්පාව කිලෝමීටර 35 ක් ගැඹුරෙහි හටගෙන තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් උතුරු සුලවේසි පළාතේ මනාඩෝ නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් කාන්තාවක මිය ගියා.
භූමිකම්පාවෙන් පසු හවායි පදනම් කරගත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර පැය දෙකකින් පසු එම අනතුරු ඇඟවීම් ඉවත් කර ගනු ලැබුවා.




