ජෙෆ්රි එප්ස්ටයින්ට බොහෝසෙයින් සමාන රූපයක් සහිත පුද්ගලයෙකු ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී

ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරු වී සිටියදී මියගිය ජෙෆ්රි එප්ස්ටයින්ට බොහෝසෙයින් සමාන රූපයක් සහිත පුද්ගලයෙකු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මෝටර් රථයක් පදවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතීනවා.
ධාවනය වන තවත් රථයක සිට ලබාගත් මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සුදු පැහැති තොප්පියක් සහ අව් කන්නාඩි පැළඳ ‘Convertible’ වර්ගයේ රථයක් පදවන පුද්ගලයෙක්.
ඔහුගේ මුහුණේ ස්වරූපය එප්ස්ටයින්ට ඉතාමත් සමාන වීම හේතුවෙන් ඔහු තවමත් ජීවතුන් අතර සිටින්නේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබෙනවා.
විශේෂයෙන්ම සාරා ෆර්ගසන්ගේ (Sarah Ferguson) ඊමේල් පණිවිඩ කිහිපයක් පිළිබඳව ඇති වූ ආන්දෝලනයත් සමඟ මෙම වීඩියෝව කරළියට පැමිණීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් බොහෝ විචාරකයින් සහ ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ජෙෆ්රි එප්ස්ටයින් මියගොස් ඇති බව නිල වශයෙන් තහවුරු කර ඇති බැවින් මෙය ඔහුට සමාන රූපයක් සහිත වෙනත් පුද්ගලයෙකු විය හැකි බවයි.

ඇමරිකානුවන්ට තම මූල්‍යමය පීඩනය වැඩිවීමත් සමඟ අවම වශයෙන් එක් දෛනික වියදමක් අඩු කර ගැනීමටත්, සෞඛ්‍ය සේවා වියදම් දැරීම සඳහා ආහාර වේල් පවා මඟ හැරීමටත් පටන් ගෙන තිබෙන බව ගැලප් සමීක්ෂන ආයතනය විසින් සිදුකල සමීක්ෂණ වාර්තාවක් දක්වනවා.
ඒ අනුව ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය වියදම් පියවා ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරු මාත්‍රා සලාකනය කිරීම, ඉන්ධන වෙනුවෙන් මුදල් ඉතිරි කර ගැනීම සඳහා අඩුවෙන් රිය පැදවීම සහ මුදල් ණයට ගැනීම පවා සිදු කරන බවයි මෙම වාර්තාවෙන් හෙළි වී ඇත්තේ.
මෙම මත විමසුමට ආසන්න වශයෙන් පුද්ගලයින් 20,000 ක් සහභාගී වූ අතර එය 2025 ජුනි සිට අගෝස්තු දක්වා ඇමරිකාවේ සෞඛ්‍ය සේවා පිළිබඳ ගැලප් සමීක්ෂණ මධ්‍යස්ථානය විසින් පවත්වා තිබෙනවා.

Share