ජාතික රෝහලට ඇතුළත් කෙරුණු සුරේෂ් සලේ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා
අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව, රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඔහු යළිත් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබූ බව පොලිසිය පැවසුවා.

Share