ජාත්‍යන්තර මුහුදු සීමාවේදී වෙනිසියුලානු ඉන්ධන ප්‍රවාහන නැවක් ඇමරිකාව විසින් සිය භාරයට

වෙනිසියුලාව වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී වෙනිසියුලාවෙන් පිටත්ව ගිය ඉන්ධන ප්‍රවාහන නැවක් ඇමරිකාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
වෙනිසියුලාවට ඇතුළු වන සහ පිටවන සාම්බාධක පැන වූ ඉන්ධන නෞකා අවහිර කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කරනු ලැබුවේ දින කිහිපයකට පෙරදීයී.
පසුගියදා වෙනිසියුලානු ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු භාරයට ගැණුනා.
බ්‍රිතාන්‍ය සමුද්‍ර අවදානම් කළමනාකරණ සමාගමක් වන වැන්ගාඩ් සඳහන් කලේ මෙම යාත්‍රාව පැනමා ධජය සහිත සෙන්චරීස් නෞකාව බවයි.
කෙසේ වෙතත්, එය ඇමරිකානු සම්බාධක යාත්‍රා ලැයිස්තුවේ නොමැති එකක් බවද සඳහන්.

Share