මැදපෙරදිග කලාපයේ ඉහළ යන යුද ගැටුම් හේතුවෙන් මේ මස 25-27 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීම කල් දමා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.
2026 ICC විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයට පෙර, සාමාජික රටවල් වෙත මෙම තීරණය දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් එම මහා සභා රැස්වීම වෙනත් රටක සත්කාරකත්වයෙන් එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.
මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති අනුල් ඉස්ලාම් මෙල්බන් හි සිටින බවට විශ්වාස කෙරෙන බැවින්, රැස් වීමට සහභාගී වීම සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව සඳහන්.
ඊට අමතරව, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොසින් නක්ට් ද මෙම මහා සභා රැස්වීමට සහභාගී නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.




