ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනවාරී මාසයට අදාළව ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ නැහැ.
ඊට අනුරූප වන පරිදි ලංකා අයිඔ්සී, සිනොපෙක් ඉන්ධන මිල ගණන් ද ඉහළ නංවා තිබෙනවා.
මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව ජනවාරි මාසය සඳහා ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළා
රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 340ක්.
රුපියල් 277ක්ව පැවති ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 279ක්.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 323ක් ලෙසයි.
එමෙන්ම රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 182ක්.





